අපි ගැන යමක්...

ර/බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල තුල පිහිටා ඇති කළාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය 2000 වසරේ මාර්තු මස විසි වන දින සුවිශේෂී ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කරන ලද පූර්ණ රාජ්‍ය ආයතනයකි. 2022 වසරේදී මෙම ආයතනය කලපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය නොව තොරතුරු තාක්ෂණ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය (Information Technology & Distance Learning Hub) ලෙස නම් කරන ලදී. අධ්‍යපන අමාත්‍යංශයට අනුබද්ධව පවත්වාගෙන යන මෙම ආයතන ශ්‍රී ලංකාව පුරා 100 ක ට ආසන්න ප්‍රමාණයක් ඇත. එමෙන්ම කළාප අධ්‍යාපන කාර්‍යයාලය මගින් අධීක්ෂණ කටයුතු සහ කළමණාකරන කටයුතු සිදුකරනු ලබයි

අප ආයතනය මගින් නොයෙකුත් ආකාරයේ පරිගණක පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබන අතර ඒවා පහතින් දැක්වේ.

  • General ICT
  • Graphic Design & Animation
  • Web Design
  • Python/C/C++ Programming
  • Micro Controller Programming

මෙම පාඨමාලා මෙන්ම ගුරුවරුන් , අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන්, මෙන්ම වෙනත් රාජ්‍ය නිලධාරීන් සඳහා ද අප විසින් තොරතුරු තාක්ෂණ සාක්ෂරතා ඉහල නැංවීමේ පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. එවැනි පාඨමාලා සඳහා සම්බන්ධවීමට

සිසුන් සඳහා

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ වහාම වෙබ් අඩවියේ දැක්වෙන නවක සිසුන් ලියාපදිංචිය ඔස්සේ ලියාපදිංචි විය හැක.

ගුරුවරුන්, අධ්‍යාපන ණිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන්

අප ආයතනයේ කළමණාකරුගෙන් කරන ලද ලිඛිත ඉල්ලමක් මගින් පාඨමාලාවක් තොරාගත හැක.

වාර්ෂිකව සිසුන් 500 කට අධික ප්‍රමාණයක් අප ආයතනයේ පාඨමාලා සම්පූර්ණ කරන අතර ඔවුන්ට ඕනෑම අවස්තාවකදී ඉදිරිපත් කල හැකි රජයේ පිලිගත් සහතිකයක් ද හිමිවේ. මීට අමතරව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලද සිසුන් ද ඔවුන්ට අවශ්‍ය පාඨමාලා අප ආයතනය මගින් සම්පූර්ණ කරගනු ලබයි.

Portrait

staff/zd.jpg
කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ


පී.පී.සී විජේවර්ණසූරිය මහතා

staff/zd.jpg
කළමණාකරු

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)
ජී.එස් බන්දුසේන මිය